අද අලුයම 05 න් අවසන් වූ ගත වූ පැය 24 ක කාලය තුළ බස්නාහිර පළාතෙන් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් 333 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ, බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ උපදෙස් පරිදි කි‍්‍රයාත්මක විශේෂ වැටලිමකදී.
එම වැටලීම්වලදී හෙරොයින් ළග තබාගෙන සිටි සැකකරුවන් 135 දෙනෙකු, ගංජා සන්තකව සිටි සැකකරුවන් 72 දෙනෙකු සහ නීතිවිරෝධි මත්පැන් බෝතල් 617 ක් සමග සැකකරුවන් 92 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කළේ.
