බූස්ස බන්ධනාගාරයේ රැඳවියන් 17 දෙනෙකුට කොවිඩ්
- 9 03 2021
- 11:56
- {{hitsCtrl.values.hits}} views
- ..
ඇල්පිටිය පොලිසියේ නිලධාරීන් 03 දෙනකු හා බූස්ස බන්ධනාගාරයේ රැඳවියන් 17 දෙනකු කොරෝනා ආසාදිත බව අද (09) තහවුරු වී ඇතැයි සෞඛය අංශ පවසයි.
මීට පෙර, ඇල්පිටිය පොලිසියේ නිලධාරීන් 03 දෙනකු කොරෝනා ආසාදිත වීම හේතුවෙන් පෙරේදා (07) කරන ලද පීසීආර් පරීක්ෂණවල ප්‍රථිඵල අද ලැබී තිබුණු අතර එමගින් මෙම තිදෙනා ආසාදිත බව තහවුරු වී තිබේ.
ඒ අනුව ඇල්පිටිය පොලිසියෙන් වාර්තාවන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 06ක් දක්වා ඉහළ ගොස් ඇත.
බූස්ස බන්ධනාගාරයේ ආසාදිතයන් 17 දෙනකු වාර්තාවීමත් සමඟ ආශ්රිත වූ අය සොයා පීසීආර් පරීක්ෂණ සිදුකිරීමට සැලසුම් කර ඇති බවත් ආසාදිතවූවන් රෝහල් කරා යොමුකිරීමට කටයුතු කරන බවත් සෞඛ්‍ය අංශ පවසයි.
සිරංගිකා ලොකුකරවිට
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
