බැසිල් ජනපති කරන්න බහුතර ජනතාවක් පෙළ ගැසිලා
- 8 07 2021
- 12:07
- {{hitsCtrl.values.hits}} views
- ..
අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ මීළඟ ජනපතිවරයා ලෙස පත්කිරීම සඳහා රටේ ජනතාව පෙළ ගැසී සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී, මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පැවැසීය.
“බැසිල් රාජපක්ෂ මැතිතුමා මේ රටේ ජනාධිපතිවරයා වීම පිළිබඳව සියු සුදුසුකම් සපුරපු නායකයෙක්. බැසිල් රාජපක්ෂ මැතිතුමා මේ රටේ ජනාධිපතිවරයා කිරීම සඳහා මේ රටේ බහුතර මහ ජනතාව පෙළ ගැසිලා ඉන්නවා.
ඒ නිසා එතුමා 2024දී ජනපතිවරයා කිරීම පිළිබඳව ප්‍රශ්න ඇසිය යුතු නෑ. එතුමා නිසැකවම මේ රටේ රාජ්‍ය නායකයා වීමේ පෙරනිමිති තමයි මේ පෙන්නුම් කරමින් තිබෙන්නේ”

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
