බස්නාහිර පළාත තුළ සියලුම පොලිස් වසම් ආවරණය වන පරිදි අපරාධවලට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබේ.
පසුගිය 19 දා උදෑසන 6.00 සිට සවස 6.00 දක්වා පැය 12ක කාලයක් මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර ඇති අතර එහිදී විවිධ අපරාධයන්ට සම්බන්ධ සැකකරුවන් 627ක් හා වරෙන්තුකරුවන් 128ක් ඇතුළුව මුළු සැකකරුවන් 755ක් පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.
බස්නාහිර පළාත හා රථ වාහන භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිගේ අධීකරණය යටතේ මෙම මෙහෙයුම ක්‍රියාත්මක වූ අතර සැකකරුවන් අදාළ පොලිස් බල ප්‍ර දේශවල අධිකරණ වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබේ.