බලශක්ති කැබිනට් අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා සිය ධුරයේ රාජකාරි ආරම්භ කිරීම අද (17දා) පෙරවරුවේ දී කොළඹ 07 ශ්‍රීමත් අර්නස්ට් ද සිල්වා මාවතෙහි අංක 80 පිහිටි බලශක්ති අමාත්‍යාංශයේ දී සිදු කෙරිණි.
සඳුන් පැළයක් අමාත්‍යාංශ භූමියේ රෝපණය කර මහා සංඝරත්නයේ ආශිර්වාදය මධ්‍යයේ නව අමාත්‍යවරයා විසින් සිය රාජකාරි ආරම්භ කරන ලදී.
මෙම අවස්ථාව සඳහා මහා සංඝරත්නය, දෙමව්පියන්, අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන්, මන්ත්‍රීවරුන් ඇතුළු මහජන නියෝජිතයන් ද, අමාත්‍යාංශ ලේකම් තුමිය ඇතුළු පිරිසක් ද සහභාගී විය.

