බෙල්ලන්විල මියන් කුමාර ගැන මියන්මාර රජයේ අවධානය
බෙල්ලන්විල රාජමහා විහාරස්ථානයට මියන්මාරය විසින් පරිත්‍යාග කළ මියන් කුමාර හස්තියාට එරෙහිව සිදුකර ඇති කෘරත්වය නවතා දමන ලෙස මියන්මාර රජය නිල වශයෙන් ශ්‍රී ලංකාවට දැනුම් දී ඇතැයි මියන්මාර විදේශ කටයුුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
මියන් කුමාර හස්තියා සම්බන්ධයෙන් පසුගිය දින වල සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ වීඩියෝව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ මියන්මාර තානාපති කාර්යාලයද ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටියේ එම සිදුවිම්ට සම්බන්ධ පුද්ගලයන්ට නීතිය ක්‍රියාත්මක කරන ලෙසයි.
2013 වසරේදී මියන්මාරය මෙම හස්තියා බෙල්ලන්විල විහාරස්ථානයට පරිත්‍යාග කරනු ලැබීය.
කෙසේ වෙතත් මියන්කුමාර සම්බන්ධව පසුගිය දිනවල හුවමාරු වූ වීඩියෝව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ මෙන්ම මියන්මාර ජනතාවගේද අවධානය යොමුව තිබේ.
ශ්‍රී ලංකාවේ මියන්මාර තානාපතිවරයා අද දිනයේදි බෙල්ලන්විල රාජමහා විහාරස්ථානයට ගොස් ඇතාගේ තත්ත්වය බලා ගැනීමටද නියමිතය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

 
                     
  
  
 
 
                     
                                 
                                 
                                 
                                 
  
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                