බිලියන 1.2ක හෙරොයින් අත්අඩංගුවට
රුපියල් මිලියන 1,248 ක් වටිනා හෙරොයින් කිලෝ ග්‍රෑම් 103.9ක් සමඟ පුද්ගලයින් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ කළුබෝවිල සහ බත්තරමුල්ල සුභූතිපුර මාවතේදීය. අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 29 සහ 40 හි පසුවෙයි. හෙරොයින් ප්‍රවාහනය සඳහා යොදාගත් මෝටර් රියක් සහ ත්‍රිරෝද රියක්ද අත්අඩංගුවට ගෙන තිබේ.
ඡායාරූප ළහිරු හර්ෂණ






-
Champa Sunday, 08 July 2018 05:10 PM
අම්මෝ.......... මෙච්චර හෙරොයින් විකුනන්නේ කාටද? ඉස්කෝල යන ළමයින්ට වෙන්නැති. අයියෝ ලංකාව ඉවරයි. මේ අවුරුදු තුනට ලංකාවේ අහුවෙච්ච හෙරොයින් ටික ජනගහනය එක්ක සංසන්දනය කරලා බැලුවොත් ලෝක වාර්තාවක්. යහපාලනය වෙන මුකුත් නොකොලට මත්ද්‍රව්‍ය, මත්පැන්, දුම්වැටි, ගණිකාවෝ, සමලිංගිකයෝ, සමාජ රෝග, මන්ද පෝෂණය, මිනීමැරුම්, කාන්තා සහ ළමා අතවර සහ විකෘති මානසිකත්වය අතින් නම් ලංකාව ස්වයංපෝෂිත කරලා තියෙනවා. ඊළඟ චන්දෙදි stage එකට එනකොට මතක් කරලා හෙල්මට් එකක් දාගෙන එන්න. පව් කියලා වේලාසනම කිව්වේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
