බලපත්ර නොමැතිව අලි පැටවෙකු ලඟතබා ගත් නඩුවෙන් තිලිණ ගමගේ නිදහස්

බලපත්ර නොමැතිව "සකුරා" නමැති අලි පැටවකු සන්තකයේ තබා ගැනීම තුළින් පොදු දේපල පනත හා වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කරමින් අලි පැටවකු සන්තකයේ තබාගැනීමේ චෝදනාවට වැඩ තහනමට ලක් සිටි මහේස්ත්රාත් තිලිණ ගමගේ මහතා එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙසට කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා විසින් නියෝග කර තිබේ.
මෙම තීරණය දෙමින් මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කළේ විත්තිකාර තිලිණ ගමගේ මහතාට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වී ඇති බවයි.
කෙසේ වෙතත් මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් වශයෙන් නම් කර සිටින වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු සහකාර අධ්යක්ෂ වරයෙකු වන උපාලි පත්මසිරි, එම දෙපාර්තමේන්තුවේ අලි ඇතුන් ලියාපදිංචි කිරීමේ ලේඛනය භාරව කටයුතු කළ ලිපිකාරිනිය වන ප්රියංකා සංජීවනී සහ අදාළ අලි පැටවාගේ මුල් අයිතිකරු බව කියන චන්ද්රරත්න යටවර යන අය නිදහස් නොකිරීමට තීන්දු කළ මහාධිකරණ විනිසුරුවරයා ඔවුන්ට විත්තිවාචකය ඉදිරිපත් කරන ලෙස නියෝග කර ඇත.
ඒ අනුව එම විත්තිකරුවන් තිදෙනා ගේ විත්තිවාචක ඉදිරිපත් කිරීම සඳහා නඩුව නැවත ජනවාරි මස 21 වනදා කැඳවීමට අධිකරණය නියම කර ඇත.
popular news
-
Kumar Thursday, 16 December 2021 04:47 PM
naduwa awasana we gedara yanagamanma aliyath aragenada gedara giye.
Reply : 0 0
rocky Friday, 17 December 2021 01:35 AM
Ane kaale wane waase!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

