බරපතල දූෂණ වංචා කොමිසමේ වාර්තව පිළිගන්නේ නෑ
සිය ආණ්ඩු සමයේ සිදුවූ බව කියන බරපතල දුෂණ වංචා ක්‍රියාවන් පිළිබඳ විර්ශනය කළ බරපතල දුෂණ වංචා ජනාධිපති කොමිෂන් සභා වාර්තාව සම්පුර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඊයේ (09දා) පාර්ලිමේන්තුවේදී ස්වාධීන රෑපවාහිනී සේවය පිළිබඳ පැවසු කරුණු වලට පිළිතුරු දෙමින් රාජපක්ෂ මහතා මේ බව කීවේය
රාජපක්ෂ ආණ්ඩු සමයේ සිදුවූ දුෂණ වංචා සෙවීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් බරපතල වංචා දුෂණ රාජ්‍ය සම්පත් වරප්‍රසාද බලය සහ අධිකාරිය අනිසි ලෙස භාවිත කිරීම සම්බන්ධ විමර්ශනය කිරිම පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාව පත්කළේය.
එම වාර්තාව පිළි නොගන්නා බව මහින්ද රාජපක්ෂ මහතා පැවසු අවස්ථාවේ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවිර මහතා පැවසුයේ මහින්ද රාජපක්ෂ මහතාගේ හොඳම යහලුවෙකු බවට පත්ව ඇති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට ඒ බව පවසන ලෙසයි.

popular news
-
rocky Thursday, 10 January 2019 07:43 AM
හොරෙක් තමා කලේ හොරකමක් කියල කොහොමටත් පිලි ගන්නේ නැහැනේ! ඔහෙලා පවුල් පිටින් රට උලා කාපු බව පොහොට්ටුවේ හොරු ඇරෙන්න අනිත් කවුරුත් දන්නවා!
Reply : 77 56
Kumar Thursday, 10 January 2019 07:45 AM
කතාවේ ඇත්තක් තිබෙනවා, තමන්ගේ නෑදෑයන්ගේ නම් එකේ සඳහන් වෙලා තිබෙනකොට කොහොමද පිළිගන්නේ.
Reply : 48 33
Champa Thursday, 10 January 2019 12:13 PM
සම්පූරණ ඇත්ත. රටේ අධිකරණ පද්ධතියක් තියෙත්දී, ඊටත් ඉහලින් බලය දීල, දේශපාලන පලි ගැනීම් කරන්නම හදපු FCID එකයි ජනාධිපති කොමිසම් සභා වලයි වාර්තා පිළිගන්න අවශ්‍ය නැහැ. අනිත් එක ඒවා හැදුවේ හිටපු ජනාධිපතිතුමාගේ නම ලෝකේ ඉස්සරහර හෑල්ලු කරන්න. පත්තර වලට headlines දෙන්න. නීතියට පිටින් අවනීතිය රජ කරවන්න. විමල් ඉස්සර ඕකට කිව්වේ "මේවා ජනාධිපති කෝලම්" කියල. චෝදනා වල දාල තියෙන්නේ බොරු ගණන් හිලව් කියල කිව්වා. දැන් මල්ල අරන් ජනාධිපතිට කඩේ යන නිසා එහෙම කියන එකක් නැහැ. ඊළඟට එන ජනාධිපති FCID එකයි ජනාධිපති කොම්සන් ටිකයි අහෝසි කරලා ඒවායේ තියෙන හොර ලියකියවිලි ඔක්කොම ගිනි තියල දාන්න ඕනේ.
Reply : 23 87
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

