රටේ දැන් ගෑස් හිගයක් නැති බවත් ඉදිරියේදී මොනම ආකාරයේවත් ගෑස් හිගයක් ඇතිවීමට ඉඩ නොතබන බවත් වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා අද (25) රත්ගමදී කීවේය.
එහිදි තව දුරටත් කතා කළ අබේගුණවර්ධන මහතා මෙසේද කීවේය.
“පසුගිය කාලවකවානුවේ රටේ ගෑස් පිළිබදව ප්‍රශ්නයක් තිබුණා.නමුත් දැන් එහේම ප්‍රශ්නයක් නැහැ.කොහොමත් ඉදිරියේදී මේ රටේ යළිත් ගෑස් හිගයක් ඇති වෙන්න ඉඩ දෙන්නේ නැහැ.ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කරලයි තියෙන්නේ.
ඒ වගේම රටේ අනෙකුත් අත්‍යාවශ්‍ය භාණ්ඩවල හිගයකුත් ඉදිරියේදී ඇතිවෙන්නේ නැහැ.මේවා විපක්ෂය විසින් ගෙනයන බොරු කතා. බය බල්ලෝ තමයි බුරුන්නේ. කොරෝනා ව්‍යසනය තියෙද්දිත් අපි ගෙනියන දැවැන්ත සංවර්ධනයට භය වෙච්ච විපක්ෂය බොරු බේගල් ඇද ඇද බුරනවා”
කරන්දෙණිය සුසිල් ප්‍රියන්ත
