තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ල වු බඹර ප්‍රහාරයකින් තුවාල ලැබු වතු කම්කරුවන් 8 දෙනෙකු (17) දින බගවන්තලාව ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කර ඇති බව බගවන්තලව ප්‍රාදේශිය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍යය නිලධාරි ඒ.එස්.කේ.ජයසුරිය පැවසිය.
බගවන්තලාව පොලිස් වසමට අයත් ටින්සින් වතු යායේ ගසක් මත බැද තිබු බඹර කුඩුවක බඹර වදයක් කඩා ගැනිමට උකුස්සෙකු (17) දින පස්වරු 2.30 ට පමණ පහර දුන් බවත් , ඉන් ඇවිස්සුණු බඹරුන් තමන්ට පහර දුන් බවයි බඹර ප්‍රහාරයෙන් තුවාල ලබා බගවන්තලාව ප්‍රාදේශිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන වතු කම්කරුවන් කියා සිටියේ.
බඹර ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන අතර , බඹර ප්‍රහාරයට ලක් වු වතු කම්කරු කාන්තාවන්ට බඹරුන් විශාල වශයෙන් පහර දි ඇති බවයි බගවන්තලාව ප්‍රාදේශිය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍යවරයා කියා සිටියේ.
තේ වතු ආශ්‍රිතව තේ පදුරු වල සහ ගස් මත මේ දිනවල විශාල වශයෙන් කුඩු බැද ඇති බවත් , එම බඹර කුඩු වලට උකුස්සන් පහර දිම නිසා තමන් දැඩි අවධානම් තත්ත්වයක තේ දළු නෙලිමේ කටයුතු සිදු කරන බවයි බඹර ප්‍රහාරයෙන් තුවාල නේවාසිකව ප්‍රතිකාර ලබන වතු කම්කරුවන් කියා සිටියේ.
ජායාරැප හා සටහන හැටන් රංජිත් රාජපක්ෂ
