බම්බලපිටිය අනතුරේ පොලිස් පරීක්ෂක මියයයි
බම්බලපිටිය, ඩුප්ලි බුලස් හන්දියේදී ඩිෆෙන්ඩර් රථයක ගැටී බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ැි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි බොරැල්ල පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආනන්ද සාගර සරත්චන්ද්‍ර යන අය ජීවිතක්ෂයට පත්වූ බව පොලීසිය පවසයි.
පසුගිය 24 දා මෙම අනතුරු සිදුවිය. පොලිස් පරීක්ෂකවරයා ඊයේ (9දා) රාත්‍රී 8.45ට පමණ ජීවිතක්යෂයට පත්විය. මෙම සිදුවීම සම්බන්ධයෙන් ඩිෆෙන්ඩර් රථයේ ඊට පසුපසින් ධාවනය වූ ජීප් රථයේ ගමන් කළ 8 දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබීය.
මෙම අත්අඩංගුවට පත් පිරිස අතර හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමයේ මහතාගේ පුතා හා කොළඹ නාගරික මන්ත්‍රී සුමින්ද ආටිගලද වූහ. කෙසේ වෙතත් එක් සැකකරුවෙක් රිමාන්ඩ් කර සෙසු පිරිස ඇප මත නිදහස් කරනු ලැබූහ.
popular news
- 
                            
Don Sunday, 10 March 2019 08:56 AM
අපරාදේ ජීවිතයෙන් වන්දි ගෙවන්නවුනේ මේ අසරණ මනුස්සයට. එළිවෙනකන් කුඩු ගහල night club වල ඉඳල, තාත්තලාගේ චන්ඩි පුත්තු කරන මේවා මිනීමැරුම්!!
Reply : 0 10
Rattharan Sunday, 10 March 2019 12:13 PM
පොලිස් පරීක්ෂක වරයකුට මෙවන් ඉරණමක් නම්, මහජනයාගේ තත්වය කෙසේ වේවිද ????????????? රටේ පොදු නීතියක් තිබුනත් එය දේශපාලනික හස්ත යන්ට ක්‍රියාත්මක නොවන්නේය..... අහෝ ඛේධවචාකයකි ....
Reply : 0 0
Lion Sunday, 10 March 2019 01:26 PM
Deviyange dan wath tholbariyage putha remand karapalla
Reply : 0 0
Champa Sunday, 10 March 2019 10:49 PM
අඩුගානේ හැපුනට පස්සේ බැහැල බලල රෝහලකට යවන්න තරම් ශිෂ්ඨ සම්පන්න වුනානම් මේ පොලිස් නිලධාරියාගේ ජීවිතේ බේරගන්න තිබුන. උවමනාවෙන්ම මරණයට පත් කලාට දෙන්න ඕනේ උපරිම දඬුවම.
Reply : 0 0
Nandana Monday, 11 March 2019 12:15 PM
මෙම නිලදාරියට මරණය ගෙන දීමට එම සියලු අයව දැන දැන ආදාර අනුබල දීම යටතේ උපරිම දඩුවම් දෙන්න, වහනය හොර චැසිඅංක ගහපු එකක් නම් එය කල අයව දැනට එහි අඉතිකරු හෝ ළඟ තබාගත් අයටත් දැඩි දඩුවම් දෙන්න මහජනතාව මේ ගැන අවදානයෙන්
Reply : 0 0
 
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

                    
                    
                                
                                
                                
                                
 
                                                
                                                
                                                
                                                
                                                
                                                