බිමත්ව රිය ධාවනය කෙරු 350ක් අත්අඩංගුවට
- 24 12 2020
- 11:38
- {{hitsCtrl.values.hits}} views
- ..
බීමත්ව රිය ධාවනය කළ පුද්ගලයින් 350 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා ඉකුත් සෙනසුරාදා සිට ආරම්භ කෙරුණු විශේෂ පොලිස් මෙහෙයුම්වලදී අදාළ පිරිස අත්අඩංගුවට ගැනුණු බවයි.
බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා පැය 24 පුරා තවදුරටත් පොලිස් මෙහෙයුම් කි‍්‍රයාත්මක බවත්,
ඒ වෙනුවෙන් පොලිස් නිලධාරීන් 9,000 ක් පමණ අනියුක්ත කර ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
