බන්ධනාගාර සිද්ධිය ගැන සාධාරණ පරික්ෂණයක් කිරිමටයි විෂයභාර අමාත්‍යවරයා අස්වුනේ
බන්ධනාගාරය තුළ පසුගියදා සිදු වූවා යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් කිරීම සඳහා විෂය භාර අමාත්‍යවරයා ධුරයෙන් ඉවත් වී තිබෙන බවත් සිරකරුවෝ කරන ප්‍රකාශ පදනම් කරගෙන යම් යම් විවේචන එල්ල වුවත් ඒවා සත්‍යලෙස පිළිගත නොහැකි බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය .
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී අද (19) මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමුණුගම මහතා ඵ් බව ප්‍රකාශ කරමින් වැඩිදුරටත් මෙසේ පැවසීය .
රජයේ ආයතන වලට පත් කරන නිලධාරීන්ට දේශපාලන අධිකාරිය සමඟ වැඩ කිරීමට නොහැකි නම් ඒ අය ඉවත් විය යුතුයි . ගෝඨාභය රාජපක්ෂ මහතා තමන්ගේ දැක්ම රටට ඉදිරිපත් කර තිබෙනවා . සෑම ආයතනයකින්ම එතුමා බලාපොරොත්තු වන්නේ මොනවාද කියලා දැනුම් දී තිබෙනවා . ඒකට අනුගත ව ක්‍රියාත්මක වෙන්න බැරි සමහර අය ඉල්ලා අස්වෙනවා .
වැඩ කරන්නෙ නෑ කියලා තේරෙන අයව අස්කරනවා . තනතුරු බාර දෙනා වගේම ඒවායින් ඉවත් කරනවා . ඒක මේ ආණ්ඩුව යටතේ සිදුවන දෙයක් විතරක් නෙවෙයි වැඩ කරන්න පුළුවන් අය තියාගන්නවා .
සිංගප්පූරු ජාතිකයකු මහ බැංකු අධිපති ධුරයට පත්කර බැඳුම්කර වංචාව තුළින් මහ බැංකුව හිස් කළ පසුගිය යහපාලන ආණ්ඩුවේ උදවිය අද විපක්ෂයට වී කබ්රාල් මහතාගේ පත්වීම විවේචනයට ලක් කිරීම හාස්‍යයට කරුණක් . ගෝලීය වසංගත තත්වය හේතුවෙන් ලෝක ආර්ථිකයට සිදුව තිබෙන බලපෑමෙන් මිදීමට අපටද රටක් ලෙස අසීරු වී තිබෙන අවස්ථාවක දැනුම, අත්දැකීම් සහ පළපුරුද්ද තිබෙන කබ්රාල් මහතා මහ බැංකුව අධිපති ධුරයට පත් කරනු ලැබුවේ රටේ අවශ්‍යතාවය තේරුම් ගෙනයි .
ෂේන්සෙනෙවිරත්න
popular news
-
Koka Sunday, 19 September 2021 09:33 AM
එතකොට බාර් විවෘත කරන්න අවසර දීම පිලිබද පරික්ෂණයට මුදල් ඇමැතිත් ඉල්ලා අස්වෙනව ඇතිනෙ
Reply : 0 0
sg Sunday, 19 September 2021 06:55 PM
He is not suited for any kind of portfolio...
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

