අමුත්තන්ට බන්ධනාගාර රැඳවියන්ව හමුවීම සඳහා පනවා ඇති තහනම ලබන සඳුදා (04) සිට ඉවත් කරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
කොවිඩ් -19 වසංගතය හේතුවෙන් පසුගිය අගෝස්තු 07 වන දා සිට බන්ධනාගාරගත රැඳවියන් ට අමුත්තන් පෙන්වීම තාවකාලිකව නතර කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කෙරිණි.