
ආරක්ෂාව තවදුරටත් තහවුරු කිරීම සදහා බන්ධනාගාර දෙපාර්තමේන්තුව වෙත ඩ්‍රෝන කැමරා තාක්ෂණය ලබා ගැනීමට පියවර ගෙන ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක පාලන හා පුනරුත්ථාපන කොමසාරිස් චන්දන ඒකනායක මහතා පවසයි.
ඩ්‍රෝන කැමරා තාක්ෂණයේ ප්‍රධාන අරමුණ ආරක්ෂාව බවත් ආරක්ෂාවට අමතරව පරිපාලන කටයුතු සදහා තාක්ෂණික සහය ලබා ගැනීම සදහාත් යොද ගන්නා බවත් ඔහු සඳහන් කරයි.
විශේෂයෙන් පුහුණුකළ බන්ධනාගාර නිලධාරී කණ්ඩායමක් මේ සඳහා යොදවා ඇති බවද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කරයි.