බන්ධනාගාර රැඳවියන් රැගෙන යන බස්රථ රථයකින් මාංචු සමඟ පැනගිය රැඳවියන් දෙදෙනෙකු ( 07) දා අත්අඩංගුවට ගත් බව පොල්ගහවෙල පොලිසිය පවසයි.
වැලිකඩ බන්ධනාගාරයේ සිට කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය වෙත බන්ධනාගාර රැඳවියන් රැගෙන ගමන් කළ බස්රථ බස්රථ 03 කින් එක් බස් රථයක සිටි රැඳවියන් පිරිසක් බස් රථය තුළ කලහකාරී තත්ත්වයක් ඇති කිරීමත් මත එම බස් රථයේ සිටි නිලධාරීන් එම තත්ත්වය පරික්ෂා කිරීමට දොරගුළු විවෘත කිරීමත් සමඟ රැඳවියන් හතරදෙනකු බස් රථයෙන් පිටතට පැමිණ පලා යෑමට උත්සාහ කිරීමත් සමග ඉන් රැඳවියන් දෙදෙනෙකු බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදි මාංචු සමග කොළඹ කුරුණෑගල මාර්ගයේ පොල්ගහවෙල මැද්දලන්ද ප්‍රදේශයේදී අද උදෑසන 8.30 ට පමණ පලා ගොස් ඇති බවත් එම රැඳවියන් දෙදෙනා පොල්ගහවෙල කොස්කැලේ ප්‍රදේශයේ පිහිටා ඇති ප්‍රදේශීය සභාවට අයත් ආදාහනාගාර වැසිකිලි සැඟව සිටියදී පොලිස් නිලධාරීන් හා බන්ධනාගාර නිලධාරීන් එක්ව පැය දෙකක පමණ මෙහෙයුමකින් පසු රැඳවියන් දෙදෙනා අත්අඩංගුවට ගත් බවත් අත්අඩංගුවට පත් රැදවියන් දෙදෙනා නැවත බන්ධනාගාර නිලධාරීන් වෙත භාරදීමට කටයුතු කරන බවද පොල්ගහවෙල පොලිසියේ නිලධාරින් පැවැසීය.
අලව්ව අධිකාරි මුදියන්සේ