බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශයේ මාස දෙකක පමණ කාලයක් තුළ  කොරෝනා වෛරස ආසාදිත රෝගීන් 1742 කු වාර්තා වී ඇතැයි  බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය
එම කාලය තුළ  පුද්ගලයන් තිස් හත් දෙනකු  මියගොස් ඇතැයි හෙතෙම පැවැසීය.ගර්භණි මාතාවන් දහනම දෙනෙක් ඒ අතර සිටින බව එම ප්‍රකාශකයා කීය
ඉකුත් අප්‍රේල් 19 දින සිට  මේ දක්වා ම වාර්තා වූ මෙම රෝගීන් ගෙන් සුව වූ පුද්ගලයන්  1644 කු බව ත් පුද්ගලයන් 3173   සඳහා  පි සි ආර් පරීක්ෂණ  සිදු කර ඇතැයි එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය
බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ