බණ්ඩාරවෙල කුඩා ළමුන් දෙදෙනෙකුට කොවිඩ් 19 ආසාදනය වී ඇතැයි බණ්ඩාරවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි .
අවුරුදු දෙකහමාරක් වයසැති දැරියක් සහ අවුරුදු 5 ක් වයසැති පිරිමි ළමයෙකු මෙසේ ආසාදනයට ලක්ව ඇත.
කිනිගම පදිංචි දැරියට ආසාදිතයෙක් වූ සිය මෑණියන්ගෙන් ආසාධනය වී ඇති අතර කැබිල්ලෙවෙල පදිංචි පිරිමි දරුවා ආසාධනයට ලක්ව ඇත්තේ දෙමාපියන් සමග බුලත්සිංහල ප්‍ර දේශයේ මළ ගමකට සහභාගිවී සිටියදී බව අනාවරණය වී තිබේ.
පාලිත ආරියවංශ