කොවිඩ් 19 වෛරසය අසාදනය වු රෝගියෙකු බගවන්තලාව ප්‍රාදේශිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබු නිසා රෝහලේ වෛද්‍යවරුන් දෙදෙනෙකු, හෙදියන් තිදෙනෙකු සහ කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ හය දෙනෙකු ස්වයං නිරෝධානයට යොමු කර රෝහල අද දින සිට තාවකාලිකව වසා දැමු බව බගවන්තලාව ප්‍රාදේශිය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි ඒ.එස්.කේ.ජයසුරිය මහතා පැවසිය.
ඉකුත් 31 දින දියවැඩියා රෝගය ප්‍රතිකාර ලබා ගැනිමට පැමිණි රෝගියෙකුගේ රෝග තත්ත්වය උත්සන්න විම නිසා රෝගියා දික්ඔය මුලික රෝහල වෙත මාරු කර යැවිමෙන් පසු දික්ඔය මුලික රෝහලේදි සිදු කල රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණය අනුව එම රෝගියාට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු වි ඇත.
එම අසාදිතයාගේ ලේලිය හැටන් බොස්කෝ විද්‍යාලයේ ගුරුවරියක් වශයෙන් සේවය කරන බවත්, ඇයට ප්‍රථමයෙන් කොවිඩ් 19 වෛරසය අසාදනය විමෙන් පසුව හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයේ නිතිඥයවරයෙකු වශයෙන් සේවය කරන ඇයගේ සැමියාටද කොවිඩ් 19 වෛරසය අසාදනය වි තිබුණි.
දැනට බගවන්තලාව ප්‍රාදේශිය රෝහලට කිසිදු රෝගියෙකු ඇතුලත් කර නොගන්නා බවත්, බාහිර රෝගි අංශයද වසා දමා දැනට අසාදිතයා රැදි සිටි වාට්ටුවේ නේවාසික ප්‍රතිකාර ලබන රෝගින්ව පි.සි.ආර් පරික්ෂණයකට භාජනය කර එම වාර්තාව අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි වෛද්‍ය ඒ.එස්.කේ ජයසුරිය මහතා කියා සිටියේ.
බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාගේ උපදෙස් අනුව රෝහල යලි විවෘත කිරිමට කටයුතු කරන බවයි බගවන්තලාව ප්‍රාදේශිය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි ඒ.එස්.කේ ජයසුරිය මහතා කියා සිටියේ.