බංග්ලාදේශයේ සිටි ලාංකිකයන් පිරිසක් දිවයිනට
- 26 06 2020
- 18:34
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව බංග්ලාදේශයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 230 දෙනෙකු ඩකා නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් 6/26 දින සවස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇති බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ප්‍රකාශකවරයෙකු පැවසුවේය .
මෙම ගුවන් මගීන් පිරිස බංග්ලාදේශයේ ඩකා නුවර ගුවන් තොටුපළේ සිට ගමන් ආරම්භ කළ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1190 දරන විශේෂ ගුවන් යානයෙන් 6/26 දින සවස 5.20 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
කටුනායක ගුවන් තොටුපළ වෙත මෙම මගීන් පිරිස පැමිණි පසු පී.සී.ආර්.පරීක්ෂණ සදහා ලක් කෙරුණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
