බෝගම්බර බන්ධනාගාරයේ සිද්ධිය සොයන්න බන්ධනාගාර අධිකාරිවරුන්ගේන් කමිටුවක්
බෝගම්බර පැරණි බන්ධනාගාරයේ තාවකාලික නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි රැඳවියන් පිරිසක් පළායාමට උත්සාහ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පල්ලෙකැලේ සහ කෑගල්ල බන්ධනාගාර අධිකාරිවරුන්ගෙන් සමන්විත පරීක්ෂණ කමිටුවක් පත් කොට තිබේ .
ඊයේ මධ්‍යම රාත්‍රියේ පස් දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් එම බන්ධනාගාරයෙන් පැන යාමට උත්සාහ කොට ඇති අතර එයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබූ අතර තිදෙනකු බන්ධනාගාරය දැවැන්ත තාප්පයෙන් පැනගැනීමට සමත්ව තිබූ අතර ඉන් එක් අයෙකු මියගොස් තවත් අයකු බරපතළ තුවාල ලබා මහනුවර ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුළත් තිබූ අතර එක් රැඳවියකු පළාගොස් තිබුණි .
පළායාමට උත්සාහ කළ රැඳවියන් බෝගම්බර බන්ධනාගාරයේ දැවැන්ත තාප්පයට ගොඩ වූයේ කෙසේද යන්න මෙතෙක් අබිරහසක්ව පවතින අතර පළා ගිය රැඳවියා සොයා විශේෂ මෙහෙයුමක් ද ආරම්භ කොට තිබේ .
ෂේන් සෙනෙවිරත්න
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

