පෞද්ගලික සමාගමකින් රුපියල් මිලියනයක් වටිනා KN95 වර්ගයේ මුව ආවරණ 10,000 ක පරිත්‍යාගයක්
මෙරට කොවිඩ්-19 වෛරසය ව්‍යාප්තිය ආරම්භයේ සිටම වෛරසය පාලනය හා මැඩපැවැත්ම සදහා රජය ගෙන යන වැඩපිළිවෙල ශක්තිමත් කිරිමට සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත රාජ්‍ය හා රාජ්‍ය නොවන දෙස් විදෙස් ආයතන රැසක් මූල්‍ය හා ද්‍රව්‍ය ආධාර ලබාදෙන ලදි.
ඒ අනුව “ලොව පුරා ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂා කර වැඩිදියුණු කරමු” යන්න සිය දැක්ම කර ගනිමින් මෙරට ක්‍රියාත්මක බී. බ්‍රවුන් ෂෙයාරින් එක්ස්ප්රටයිස් (B. Braun Sharing expertise, Sri Lanka & Maldives) සමාගම විසින් රුපියල් මිලියනයක වටිනාකමකින් යුත් KN95 වර්ගයේ මුව ආවරණ 10,000 මෙරට කොවිඩ් මර්දන වැඩපිළිවෙල ශක්තිමත් කිරීම සදහා අද දින (02) ප්රදානය කරන ලදි.
සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි වෙත සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී අද දින පෙරවරුවේ මෙම ප්රදානය සිදු කරන ලද්දේ බී. බ්‍රවුන් ආයතනයේ අධ්යක්ෂ හා මුල්‍ය නිලධාරී ප්‍රදීප් අමරවර්ධන මහතා සහ අධ්යක්ෂ සහ Aesculap හි ප්‍රධානී සමන්ත සෙනෙවිරත්න යන මහත්වරුන් විසිනි.
මෙම පරිත්‍යාගය ලබාගනිමින් සෞඛ්‍ය අමාත්‍යතුමිය මෙහිදී කියා සිටියේ කොවිඩ් මැඩලීමේ වැඩපිළිවෙල ශක්තිමත් කිරිමට බී. බ්‍රවුන් ආයතනය විසින් සිදු කරන ලද මෙම පරිත්‍යාගය ඉතා අගය කොට සළකන බවයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

