කොළඹ වරාය නගරයේ පදික මංතීරුව හා සැහැල්ලු යාත්‍රා අංගනය අද (09දා) මහජනතාව වෙත විවෘත කරනු ලැබිය. ඒ ජනපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත චීන විදේශ අමාත්‍ය වැංග් යී යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනි.
මේ අනුව හෙට (10දා) සිට මහජනතාව වෙත පදික මංතීරුව හා සැහැල්ලු යාත්‍රා අංගනයට ගමන් කිරීමට අවස්ථාව හිමිවෙයි. දිනපතා පෙරවරු 9.00 සිට සවස 6.00 තෙක් මහජනතාවට එම ස්තානයට ඇතුළුවිමට අවසර තිබේ.+