පොහොය දිනයේ හරක් හොරකමේ ගිය පිරිසක් අත්අඩංගුවට
පුර පසළොස්වක පෝය යෙදී තිබූ අද (24දා) පස්වරුවේ පින්නදූව දෙවට දක්ෂිණ අධිවේගී පිවිසුම් මාර්ගය ආසන්නයේ ඉඩමක බැඳ සිටි එළගවයන් සොරකම් කිරීමට පැමිණි දෙදෙනෙකු ගම්මුන් විසින් අල්ලා අක්මීමන පොලීසියට භාරදී තිබේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බේරුවල හා තලාපිටිය ප්රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙකි.
ඊයේ පස්වරුවේ මෝටර් රථයකින් පැමිණි තිදෙනෙකු විසින් එසේ බැඳ දමා සිටි කුඩා වසුපැටියෙකු මෝටර් රථයට පටවමින් සිටින අයුරු ගම්මුන් දැක තිබෙන අතර, එම ස්ථානයට පැමිණි ගම්මුන් එළ ගවයන් සොරකම් කිරීමට පැමිණි දෙදෙනෙකු අල්ලා පොලීසියට භාරදී ඇති අතර, ඉන් එක් අයෙකු පැන ගොස් ඇත.
මෙම කොල්ලකරුවන් පැමිණි මෝටර් රථයද පෙරළී ගොස් තිබූ අතර, අක්මීමන පොලීසියේ නිලධාරීන් විසින් එළ ගවයන් සොරකම් කිරීමට පැමිණි සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.
අක්මීමන පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති නිශාන්තද සිල්වා මහතා ඇතුළු නිලධාරින් විසින් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
ජිනේෂ් නානායක්කාර


popular news
-
Champa Monday, 24 September 2018 05:30 PM
ඔන්න ඔහොම ඉන්න. තමන් අවට සිද්ධ වෙනදේ ගැන ඇහැගහගෙන ඉන්නවා නම් හුගක් අපරාධ අඩු කරගන්න පුළුවන්. කිසි බයක් සැකක් නැතුව පෝය දවසේ වුනත් කාර් වලින් ඇවිල්ල වතුවල බැඳලා ඉන්න අනුන්ගේ හරක් හොරකම් කරන්න තරම් මේ ආණ්ඩුව ප්රජාතන්ත්රවාදී නිදහසක් දීල තියෙනවලු!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

