පොහොට්ටුව විශිෂ්ට ජයග්‍රහණයක් ලබනවා - විමල්
ඡන්දදායකයා උනන්දුවෙන්, උද්යෝගයෙන් ඡන්ද ප්‍රකාශ කිරීමෙන් පෙනී යන්නේ පොදුජන පෙරමුණ මෙවර පළාත් පාලන මැතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගන්නා බව යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.
අද(10) දින හෝකන්දර දකුණ, රාමනායක මාවතේ, සිරි සුසිල ධර්ම නිකේතන ඡන්ද මධ්‍යස්ථානයේ දී සිය ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ඒ මහතා මෙසේ පැවසීය.
‘‘වෙනත් පළාත් පාලන මැතිවරණයක දී නොතිබුණු ආකාරයේ උනන්දුවක්, උද්යෝගයක් මෙවර මැතිවරණයේ දී ඡන්දදායකයා තුළ ඇතිව තිබෙනවා. මෙවැනි උනන්දුවක් හා උද්යෝගයක් ඇති වන්නේ ආණ්ඩුවට විරුද්ධ ප්‍රවණතාවක් රට තුළ ගොඩනැගී ඇති නිසායි. අපි බලාපොරොත්තු වෙනවා, මේ මැතිවරණයෙන් පොහොට්ටුව විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගනියි කියලා.’’
එහිදී මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් වීරවංශ මහතා,
ප්රශ්නය :- තනි බලයක් පිහිටුවීමට නොහැකි තැන්වල එකතු වෙනවා ද?
පිළිතුර :- නැහැ. නැහැ. අපි සෑම තැනකම තනි බලය පිහිටුවනවා.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

