පොහොට්ටුව ප්රධාන රජයක් තැනීමට සාකච්ඡා
ශ්රී ලංකා පොදුජන පෙරමුණ ප්රමුඛ ජනතා රජයක් යටතේ රට ගොඩනැගීම සඳහා වන ජාතික ප්රතිපත්තියක් නිර්මාණය කිරීමට පිළිගත් දේශපාලන පක්ෂ රැසක් මේ වන විට ශ්රී ලංකා පොදුජන පෙරමුණ සමග සාකච්ඡා අරඹා ඇති බව එම පක්ෂය සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් ශී්ර ලංකා මහජන පක්ෂය, ලිබරල් පක්ෂය, ලංකා සමසමාජ පක්ෂය, ලංකා එක්සත් කම්කරු පක්ෂය, මහජන එක්සත් පෙරමුණ, දේශ විමුක්ති ජනතා පක්ෂය, මව්බිම ජනතා පක්ෂය, යන පක්ෂ සමග දැනටමත් සාකච්ඡා පවත්වා අවසන් බව ශී්ර ලංකා පොදුජන පෙරමුණේ ලේකම් නිතීඥ සාගර කාරියවසම් මහතා සඳහන් කරයි.
ඉදිරියේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය ඇතුළු අනෙකුත් මැතිවරණවලදී එක්ව කටයුතු සම්බන්ධයෙන්ද මෙහිදි සාකච්ඡා කරන බව සාගර කාරියවසම් මහතා පවසයි.
ඒසේම, ඉදිරි දින කිහිපයේ තවත් දේශපාලන ගණනාවක් ශ්රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිත බවත් එම පක්ෂය සඳහන් කරයි.

popular news
-
kanchana ganegoda Friday, 21 June 2019 12:27 PM
අනේ අම්මේ මේ සියලු ම පක්ෂ ත්රිවිල් පක්ෂ නොවැ.පොහොට්ටුවට ගිය කලක්.ඕක පුප්පව ගන්න අමාරුවෙවී.මලානික වෙලා ගිහින් නේද?
Reply : 0 0
dayan Friday, 21 June 2019 12:36 PM
සමහර පක්ෂනම් ලංකාවේද ඒවාද කියලත් හිතෙනවා.
Reply : 0 0
dilan Friday, 21 June 2019 01:50 PM
may කොහේ තියන පක්ෂද treeweel එකක යන්නවත් සෙනග ඉන්නවද මේ පක්ෂ walata
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

