උත්සව කාලය තුළ බස්නාහිර පළාත ආවරණය වන අයුරින් අපරාධ නිවාරණ ක්ෂණික මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසයි.
මේ ආකාරයේ ක්ෂණික මෙහෙයුමක් ඊයේ (02දා) බස්නාහිර පළාත කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කර තිබේ. එහිදී පොලිස් නිලධාරීන් 658ක්, මාර්ග බාධක 257ක් උපයෝගී කරගෙන කළ පරීක්ෂාවේදී වාහන 2623ක් හා පුද්ගලයන් 4331ක් පරීක්ෂාවට ලක්කර තිබේ.
ඊයේ සවස 3-5 දක්වා පැය දෙකක් තුළ ක්‍රියාත්මක කළ මෙම මෙහෙයුමේදී වාහන 7ක් හා පුද්ගලයන් 136ක් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට පත් සැකකරුවන් අතර අධිකරණය මග හැර සිටි 38ක්, අනන්‍යතාව තහවුරු කිරීමට නොහැකි වූ 43ක් මෙන්ම විවිධ අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් සිටින බවද මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.