පොලිස් නිලධාරීන් ලෙස පෙනීසිටිමින් කොල්ලකෑම්වල නිරත වූ සැකකරුවන් තිදෙනෙක් වත්තල පොලිස් ස්ථානය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
අත්අඩංගුවට පත් සැකකරුවන් කුරුණෑගල හා සේදවත්ත පදිංචිකරුවන් වෙයි.
එක් සැකකරුවෙක් භාරයේ පොලිස් හඳුනුම්පතට සමාන හැඳුනුම්පතක් තිබී ඇති අතර අදාළ හැඳුනුම්පත පෙන්වා තමන් පොලිස් නිලධාරියෙක් බව පවසා යම්කිසි පුද්ගලයෙකුට අත්විලංගුවක් දමන බවද මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.
ඉන් අනතුරුව ඔහුව සෙනඟ නොගැවසෙන තැනකට රැගෙන ගොස් මුදල් හා ස්වර්ණාභරණ කොල්ල කන බවද ඔහු සඳහන් කළේය.
මෙවැනි සිද්ධි 17ක් පමණ වාර්තා ව ඇති අතර සැකකරුවන් සන්තකයේ තිබී ග්‍රෑම් 40ක් බර ස්වර්ණාභරණ, යතුරු පැදියක් හා අත්විලංගුවක් පොලිස් භාරයට ගෙන තිබේ.
පාලු ස්ථානවල රැදී සිටිමින් මෙම කොල්ලකෑම් සිදුකරන බවත් ජනතාව අවධියෙන් සිටිය යුතු බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.
එසේම සිවිල් හෝ නිල ඇඳුමින් සිටින පොලිස් නිලධාරීන්ගේ රාජකාරී හැඳුනුම්පත ඉල්ලා සිටීමට ජනතාවට අයිතියක් ඇති බවද ඔහු වැඩිදුරටත් පැවැසීය.