මාර්ග බාධක රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් තිදෙනෙකු අනතුරට පත්කර එක් පොලිස් නිලධාරියෙකු මරණයට පත්කර ටිපර් රථයක රියදුරුවරයෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.
ඊයේ (12දා) රාත්රි 11.00ට පමණ හක්මන පොලිස් වසමේ කිරින්ද නගරවොහන පරික්ෂා කිරීමේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් විසින් මාතර සිට හකමන දෙසට ධාවනය වූ ටිපර් රථයක් නැවත්වීමට සංඥා කර තිබේ.
ටිපර් රථය නොනවත්වා ධාවනය කිරිම හෙතුවෙන් එම අවසථාවේ හක්මන දෙසට ඉදිරියෙන් ඇති මාර්ග බාධකයෙන් නිලධාරීන් ඒ සම්බන්ධයෙන් දැනුවත් කරන ඔවුන් ටිපර් රථය ලුහුබැද තිබේ.
මාතර හක්ම මාර්ගයේ කෝංලල 13 කණුව මාර්ග බාධකයේන් රාජකාරී යෙදී සිටි පොලිස් නිලධාරීන් එම ටිපර් රථය නවතා පරික්ෂා කරන අවස්ථාවේදී ඉහත නිලධාරීන්ද එම ස්ථානයට පැමිණ තිබේ.
පොලිස් නිලධාරීන් විසින් ටිපර් රථයේ රියදුරුට අන්තරාදායක ලෙස රිය ධාවනය කිරීම සම්බන්ධයෙන් තාවකාලික රියදුරු බලපත්රයක් නිකුත් කර රියදුරුට අවවද කර මුදා හැර තිබේ.
අනතුරුව හකමන දෙසට ධාවනය කළ ටිපර් රථය විනාඩි 10කට පමණ පසුව මාතර දෙසට නැවත පැමිණ මාර්ග බාධකය අසළ රාජකාරී යෙදී සිටි පොලිස් නිලධාරීන් යටකර පළාගොස් ඇත.
මෙමසිදුවීමෙන් පොලිස් කොස්තාපල්වරයෙක් මියගොස් ඇති අතර පොලිස් සැරයන්වරු දෙදෙනෙනක් බරපතල තුවාල ලබා මාතර රෝහලට ඇතුළත් කර තිබේ.
මියගොස් ඇත්තේ වලස්මුල්ල පදිංචි අවුරුදු 36ක් වන හක්මන පොලිස් ස්ථානයට අනියුක්ත පොලිස් කොස්තාපල්වරයෙකි.
මෙලෙස පළාගිය ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වයි.