පොලිස් නිලධාරින් යටකර පලාගිය ටිපර් රථය සොයා ගනි
හක්මන කෝනගල ප්රදේශයේදී පොලිස් නිලධාරීන් තිදෙනෙකු අනතුරට පත්කරමින් පලාගිය ටිපර් රථය අද ( 14) පෙරවරුවේ රන්න කට්ටකඩුව ප්රදේශයේ ගෝටයිබර ගම මාර්ගයේ නිවසක නතර කර තිබියදී පොලිස් භාරයට ගැනීමට හැකිවී තිබේ.
අදාල අනතුර සිදුකළ ටිපර් රථයේ රියදුරුද පලා යමින් සිටියදී එම ප්රදේශයේදීම අත්අඩංගුවට ගත් බවයි පොලීසිය කියා සිටියේ . අදාල සැකකරු සිදුකල මෙම අනතුරින් පොලිස් නිලධාරියෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර තුවාල ලැබූ අයගෙන් කෙනෙකු මාතර මහරෝහලේ දැඩිසත්කර ඒකකයේ ප්රතිකාර ලබන බව පොලීසිය කියා සිටි .
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කිරිම සදහා විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇති බවද උසස් පොලිස් නිලධාරියෙකු කළ විමසීමකදී කියා සිටියේය.

popular news
-
Dayan Tuesday, 14 July 2020 02:29 PM
That Driver is not suitable to live among polpulation of the country.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
