හක්මන කෝනගල ප්රදේශයේදී පොලිස් නිලධාරීන් තිදෙනෙකු අනතුරට පත්කරමින් පලාගිය ටිපර් රථය අද ( 14) පෙරවරුවේ රන්න කට්ටකඩුව ප්රදේශයේ ගෝටයිබර ගම මාර්ගයේ නිවසක නතර කර තිබියදී පොලිස් භාරයට ගැනීමට හැකිවී තිබේ.
අදාල අනතුර සිදුකළ ටිපර් රථයේ රියදුරුද පලා යමින් සිටියදී එම ප්රදේශයේදීම අත්අඩංගුවට ගත් බවයි පොලීසිය කියා සිටියේ . අදාල සැකකරු සිදුකල මෙම අනතුරින් පොලිස් නිලධාරියෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර තුවාල ලැබූ අයගෙන් කෙනෙකු මාතර මහරෝහලේ දැඩිසත්කර ඒකකයේ ප්රතිකාර ලබන බව පොලීසිය කියා සිටි .
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කිරිම සදහා විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇති බවද උසස් පොලිස් නිලධාරියෙකු කළ විමසීමකදී කියා සිටියේය.
