විශේෂ මෙහෙයුම් ඒකකය II හි නිලධාරීන්ට ලද තොරතුරකට අනුව වැඩ බලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එෆ්.එම්. මධුර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් කොට්ටාව පොලිස් වසමේ ලියනගොඩ ප්රදේශයේ දී සිදුකරන ලද වැටලීමක දී නීති විරෝධී ලෙස පොලිස් නිල ඇදුම් කට්ටලයක්, මාන්චු කූට්ටන් 02 ක්, එම යතුරු 01 ක් පොලිස් නිලධාරීන් බාවිතා කරණ අංක තහඩුවක් සන්තකයේ තබාගෙන සිටි වයස අවු. 50 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කොට්ටාව පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.