බදුල්ල පොලිසියට අයත් පොලිස් ජිප්රථයක් ඊයේ (11)දවල් බදුල්ල කහටරුප්ප මාර්ගයේ මුතුමාල ගොවිපල ප්‍රය දේශයේදී අඩි 40 ක පමණ ප්රකපාතයකට පෙරලී තේවත්තක ගසක ගැටී නතරවි ඇතැයි බදුල්ල පොලිසිය පවසයි .
අනතුර සිදුවන අවස්ථාවේ පොලිස් නිලසුණඛයෙක් නිළ සුනඛ අංශයේ නිළධාරින් දෙදෙනෙක් ඇතුලු පොලිස් නිළධාරින් 5 දෙනෙක් හා සිවිල් පුද්ගලයෙක් (පැමිණිලි කරුවෙක්)ද මෙම ජීප්රියේ ගමන්කළ නමුත් පොලිස් නිළධාරින් තිදෙනෙකුට පමණක් තුවාල සිදුවී ඇති බවත් ඔවුන් බදුල්ල මහ රෝහලට ඇතුලත් කළ බවත් ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය .
ජල මොටර් සොරකම් කීපයක් සම්බන්ධයෙන් විමර්ශන විමර්ශන සිදුකිරීමට යද්දි මෙම අනතුර සිදුව තිබේ .
වංගුවක් සහිත ස්ථානයකදී වැසි ජලය සමග මාර්ගය ලිස්සා ගොස් මෙම අනතුර සිදුව ඇතැයි විමර්ශන වලදි අනාවරණය වී තිබේ
බදුල්ලේ පාලිත ආරියවංශ
