මධ්‍යම කඳුකරයට ඇද හැලෙන අධික වර්ෂාව නිසා පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු තුනක් අද (13) දින විවෘත කර ඇති බව වේල්ල භාර ඉංජිනේරු කාර්යාලය ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
මේ හේතුවෙන් ජලාශය පහළට මහවැලි ගඟට තත්පරයට ඝණ මීටර් 148.66 ක ජල ප්‍රමාණයක් නිකුත්කරන බව ද පැවසීය.
මේ හේතුවෙන් වික්ටෝරියා දක්වා මහවැලි ගඟ භාවිතා කරන ජනතාව අවධානයෙන් සිටීය යුතු බවත් වැසි තත්ත්වයේ වැඩි වීම මත ඉදිරියේදි තවත් දොරටු විවෘත කිරීම සිදුවිය හැකි බවත් එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවැසීය.