පොල් ගෙඩි දෙකක පොල් ඇතුළත් නව පොල් කිරි පැකැට්ටුවක් ලබන සතියේ සිට වෙළද පොළට නිකුත් කරන බව වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කියයි.
මේ නව පොල් කිරි පැකැට්ටු වත්මන් පොල් ගෙඩි දෙකක මිලට අඩුවෙන් ලබාදීමට පියවර ගන්නා බවද ගුනවර්ධන මහතා කීවේය.
ශ්‍රී ලංකා සතොස හරහා මේ පොල් කිරි පැකැට්ටුව වෙළද පොළට නිකුත් කරන බවද ගුණවර්ධන මහතා කීවේය.
මීට සමගාමීව වෙළද පොලේ පවතින මිලට වඩා අඩු මිලකට වතුර බෝතල්ද ලබන සතියේ සිට සතොස හරහා ලබාදෙන බවද ගුණවර්ධන මහතා කීවේය.
සතොස 441 වැනි ශාඛාව රත්ගම මාවඩ්විල ප්‍රදේශයේ විවෘත කිරීමේ උත්සවයට සහභාගීවෙමින් ගුණවර්ධන මහතා මේ බව කීවේය.
කරන්දෙණිය සුසිල් ප්‍රියන්ත