පොම්පියෝ ජනපති හා අගමැති සමග සාකච්ඡා කරයි
ඇමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා දෙදින නිල සංචාරයක් සදහා 10/27 දින රාත්‍රී එරටට අයත් විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.
ඔහු සමග එරට උසස් රාජතාන්ත්‍රික නිලධාරීන් 36 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක් ද මෙම ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
මෙම පිරිස රැගත් ඇමෙරිකා එක්සත් ජනපද ගුවන් හමුදාවට අයත් බෝයිං 757 වර්ගයේ ගුවන් යානය 10/27 දින රාත්‍රී 7.35 ට කටුනායක ගුවන් තොටුපළ වෙත ළගා විය.
මෙම ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ඇතුළු දූත පිරිස පිළිගැනීම සදහා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය , ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලයේ නිලධාරීන් මෙන්ම ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ සන්ධාන නිලධාරීන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ.
මෙම පිරිස විශේෂ රිය පෙරහැරකින් කොළඹ බලා රැගෙන ගිය අතර ජනාධිපති, අගමැති සහ විදේශ කටයුතු ඇමති ඇතුළු උසස් රාජතාන්ත්‍රිකයන් හමු වී සාකච්ඡා කිරීමට නියමිතය.
ඒ සියල්ල නිමා කිරීමෙන් පසුව 10/28 දින දහවල් 12.30 ට , ඔවුන් පැමිණි ගුවන් යානයෙන්ම මාලදිවයින බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව යෑමට නියමිතය.

popular news
-
Ayoyo bayiyo Wednesday, 28 October 2020 06:40 AM
Pompayo came to ask about what happened to Srilankan COVID fund money? What is the success behind non of the cabinet representative, parliament members
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

