පොම්පියෝ ආවට රටේ ජනතාව පිම්පියෝ කරන්න එපා - මරික්කාර්
ඇමරිකානු ජනාධිපතිවරණය පවතින සමයේ එරට රාජ්‍ය ලේකම් මයික් පොම්පියො පැමිණෙන්නේ ශ්‍රී ලංකාවට තිබෙන ආදරය නිසා නොවන බවත් දේශීය සම්පත් ලබා ගැනීමේ අරමුණින් ඔහු පැමිණෙන බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා පැවසීය.
කොළඹ විපක්ෂනායක කාර්යාලායේ අද (27දා) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් හෙතෙම මේ බව සදහන් කළේය.
මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන්(එම්.සී.සී) ගිවිසුමේ අවසන් අදියරේ කටයුතු සිදු කිරීමට මයික් පොම්පේ පැමිණෙනවාද යන්න ආණ්ඩුවෙන් විමසන බවත් සදහන් කළ එස්.එම් මරික්කාර් මන්ත්‍රීවරයා
“මයික් පොම්පියෝ එන්නේ අපිට තියෙන ආදරයටද. එක රටකින් ඇවිල්ලා ගියා. තවත් රටවල වලින් දුරකතන ඇමතුම් ගන්නවා. ඇමරිකානු ජනාධිපතිනරණය ආසන්නයේ මෙයාලා එන්නේ අපිට ආදරයට නෙවෙයි.මේ ආණ්ඩුවේම අය තමයි කිව්වේ එම්.සී.සී ,ඇක්සා සහ සෝෆා ගිවිසුම් රටට අහිතකරයි කියලා.
අපි දැක්කා එම්.සී.සී ගැන කමිටුවක් දාලා පසුගිය කාලේ හොර ගල් අහුලනවා.ඒ අනුව ඒකේ අවසන් අදියරේ කටයුතු කිරීම සදහාද පොම්පියෝ එන්නේ කියලා අපි අහනවා. ඒ නිසා අපි කියන්න කැමතියි ඇමරිකානු ආණ්ඩුවත් ඩොලර් ට්‍රිලියන 1.8ක් චීනෙට ණයයි. එතකොට ඩොලර් ට්‍රිලියන 1.8ක් චීනෙට ණය කට්ටිය අපේ රටට එන්නේ අපිට දෙන්න නෙවෙයි.
අපේ දේශීය සම්පත් ටික සූරගෙන කන්න.දැන් හිල්ටන් හෝටලය තියෙනවා,නැගෙනහිර පර්යන්තය තියෙනවා,මත්තල තියෙනවා.මේ සියල්ල දිහා බලාගෙන තමයි මේ එන්නේ.ඒ නිසා අපි ආණ්ඩුවෙන් ඉල්ලන්න කැමතියි පොම්පියෝ ආවට කමක් නෑ අපි ඒකට විරුද්ධයි. ඒත් මේ රටේ ජනතාව පිම්පියෝ කරන්න නම් එපා.”
popular news
-
Demuni Uduwara Tuesday, 27 October 2020 10:01 PM
Nothing left to US. All national interests ruined by politicians.
Reply : 0 0
Ranjan Wednesday, 28 October 2020 06:23 AM
Megolla UNP genada kiyanne. Kawuda owa genawe. UNP Pimpiyo nedha?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

