කොවිඩ් 19 වසංගතය හේතුවෙන් තාවකාලිකව වසා දැමුණ පුරාවිද්‍යාත්මක ස්ථාන, ස්මාරක හා පරිශ්‍ර, ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක කෞතුකාගාර හා ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ මහජන පරිශීලක ඒකකය යළිත් දේශීය සංචාරකයන් සඳහා විවෘත කිරීමට නියමිතය.
රට තුළ වර්තමානයේ පවතින හිතකර වාතාවරණය පිළිබඳව හා සංස්කෘතික සංචාරක කර්මාන්තය හා බැඳී පවතින ජනජීවිතය ක්‍රමානුකූලව යථා තත්ත්වයට පත් කිරීමේ අරමුණ පිළිබඳව අවධානය යොමුකර ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මග පෙන්විම හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් සහිතව එළැඹෙන 01 දා සිට දේශීය සංචාරකයන් සඳහා නැවත විවෘත කරන බව බුද්ධශාසන, සංස්කෘතික හා ආගමික කටයුුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.
යම් යම් සීමා කිරීම්ද සහිත විධිමත් ආරක්ෂිත වැඩපිළිවෙළක් හා ක්‍රමවේදයක් යටතේ සංචාරකයන්ට මෙම පරිශ්‍ර විවෘත කරන අතර ඒ සඳහා මහජනතාවගේ සහාය අවශ්‍ය බවද අමාත්‍යාංශය නිවේදනය කරයි.