කෝවිඩ්-19ට අදාළව නිරෝධායනය ආරම්භ කළ දිනයේ සිට අද (16දා) දිනය දක්වා කාලය තුළ පුද්ගලයන් 29,935 දෙනෙකු නිරෝධායනයට ලක්කර ඇතැයි හමුදා මූලස්ථානය සඳහන් කරයි.
මෙම ප්‍රමාණයෙන් 22650ක් අද දිනය වනවිට නිරෝධායන කටයුතු අවසන් කර නිවෙස් බලා ගොස් තිබෙන බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්රි‘ගේඩියර් චන්දන වික්‍රමරත්න මහතා සඳහන් කළේය.
මීට අමතරව ත්‍රිවිධ හමුදාව පවත්වාගෙන යන මධ්‍යස්ථාන හැටක පුද්ගලයන් 7285 දෙනෙකු නිරෝධායනයට ලක්වෙමින් සිටින බවද ඔහු පවසා සිටියේය.
අද (16දා) දිනයේදී පමණක් මධ්‍යස්ථාන පහක නිරෝධායනයට ලක්වූ පුද්ගලයන් 106 දෙනෙකු නිරෝධායන කටයුතු අවසන් කර නිවෙස් බලා ගොස් තිබෙන බවද හෙතෙම කියා සිටියේය.