පුජිත්ට හා හේමසිරිට එරෙහිව අධිචෝදනා භාරදෙයි
පාස්කු ප්‍රහාරය වළක්වන්න ක්‍රියාමාර්ග නොගැනීම නිසා රාජකාරිය පැහැර හැරීම වගේම මිනීමැරීම් සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු හා හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන දෙදෙනාට කොලඹ ත්‍රිපුද්ගල මහාධිකරණයේදී චෝදනා පත්‍ර භාර දීම අද (01) සිදුවුණා.
පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාරය පිළිබද ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට ක්‍රියාමාර්ග නොගැනීම තුළින් සාපරාධී ලෙස රාජකාරිය පැහැර හැර මිනීමැරීම සම්බන්ධයෙන් හේමසිරි ප්‍රනාන්දු හා පූජිත් ජයසුන්දර යන දෙදෙනාට චෝදනා එල්ලවී තිබෙනවා. ඊට අදාළ නඩුව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද කැදවනු ලැබුවා. එහිදී විත්තිකරුවන් වෙත අධිචෝදනා පත්‍ර භාර දීම සිදුවුණා.
එක් විත්තිකරුවෙකුට එරෙහිව චෝදනා 864 බැගින් ගොනුකර ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ සදහන් කළා. එම චෝදනා සංශෝධනය කර එක් විත්තිකරුවෙකු වෙනුවෙන් චෝදනා 865 බැගින් ගොනුකර ඇති බවයි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා තවදුරටත් සදහන් කළේ. පැමිණිල්ලේ සාක්ෂිකරුවන් ලෙස පුද්ගලයින් 1215 දෙනෙකු නම් කර තිබෙනවා.
කරුණු සලකා බැලූ අධිකරණය මෙම නඩු විභාගය නොවැම්බර් මස 22වනදා ආරම්භ කරන බවත් නොවැම්බර් 29 වනදා දක්වා දිනපතා නඩු විභාගය පැවැත්වෙන බවත් දැනුම් දුන්නා.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

