පිළිවෙළකට ගමනක් යන්න පුළුවන් නම් යනවා
ඕනෑම කෙනෙකු සමග පිළිවෙලකට ගමනක් යෑමට හැකි නම් ඒ කවුරුන්ද යන්න අදාළ නොවන බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
ආණ්ඩුවෙන් පිරිසක් ඉවත්වන බවට පැතිර යන ප්‍රචාර සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ විමසීමකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ “ඔයාලා මොකක් හරි හීනෙන් දැකලා” යනුවෙනි.
"ඕන කෙනෙක් එක්ක පිළිවෙලකට යන්න පුළුවන් නම් අපි ගමනක් යන්න සූදානම්. ඒක කවුද කියන එක අදාළ නෑ. මාධ්‍ය ආයතනවලින් මට කිසිම කැපිල්ලක් නෑ. රජයත් එක්ක කැපිල්ලක් තියෙනවයි කියලා මම පේන්නේ නැති වෙන්නේ කොහොමද? කවුද කොහෙද කඩාගෙන යන්නේ. ඔයාලා හීනෙන් මොකක් හරි එකක් දැකලා."
popular news
-
Deepal Nirosh Saturday, 17 July 2021 05:10 PM
“කැපුනත් නැගිටිමු, කැපි කැපි නැගිටිමු, නැග නැග යමු ගමනේ“ “අතනත් උපයමු, මෙතනත් උපයමු, ඉප ඉප යමු දියුණේ“
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

