මට්ටක්කුලිය හා පුනරින් හි සිදුවූ පිහි ඇණුම් හේතුවෙන් අවුරුදු 22ක තරුණයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි.
මට්ටක්කුලියේදී සාදයක් අතර තුළදී සිදුවූ බහින් බස් වීමකින් අනතුරුව අවුරුදු 22ක තරුණයෙකුට පිහියකින් පහරදී ඝාතනය කර තිබේ.
පුනරින් හි ගැටුමක් බේරීමට පැමිණි අවුරුදු 22ක තරුණයෙකුට පිහියකින් පහරදී ඝාතනය කර තිබේ. සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලීසිය පරීක්ෂණ පවත්වයි.