මත්තෙගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න
පිළියන්දල දැල්තර ප්‍රදේශයෙන් වාර්තා වූ කොරෝනා රෝගී කාන්තාවන් දෙදෙනා ගමන් කළ බව පැවසෙන පිලියන්දල දිසා රෝහලේ වෛද්‍යවරුන් තිදෙනකු නිරෝධායනයට ලක්කොට දහ හත් දෙනෙකු පී.සී.ආර් පරීක්ෂණයට ලක් කිරීමට 17 දා පියවර ගත් බව පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා පැවසීය .
ඒ අතර පිලියන්දල දිසා රෝහලේ එකොළොස් දෙනෙකු ද, රන් භාණ්ඩ අලෙවි සැලක හය දෙනකු ද වන බව වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා කීය .
කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සිට නිවාඩු ආ රත්නපුර ප්‍රදේශයේ පදිංචි කොරෝනා රෝගී යුද හමුදා නිලධාරියාගේ ,මවට සහ මිත්තණියටද කොරෝනා රෝගය වැළඳුණු බවට 16 දා වාර්තාවීමත් සමග එම කාන්තාවන් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ගමන් කළ බව පැවසෙන පිලියන්දල දිසා රෝහලේ වෛද්‍යවරුන් තිදෙනෙකු තිදෙනකු නිරෝධායනයට ලක් කොට තවත් එකොළොස් දෙනකු මෙසේ පී.සී.ආර්.පරීක්ෂණයට ලක් කිරීමට පියවර ගත් බව බවද කීය .
එසේම එම කාන්තාවන් පිළියන්දල නගර මධ්‍යයේ පිහිටි රන්භාණ්ඩ අලෙවි සැලකට ද ගොස් ඇති අතර එම අලෙවි සැල නිරෝධනයට ලක් කොට එහි සේවකයින් හයදෙනෙකු ද මෙසේ පි.සි.ආර් පරීක්ෂණයට ලක් කරන බව වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා පැවසීය .
එසේම රෝහලට සහ රන් භාණ්ඩ අලෙවි සැලට සංචාරණය කළ අයවලුන් සොයා තවදුරටත් පරීක්ෂණ පවත්වන බවද වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
