එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ ඉදිරි වසර හතරක සැලැස්ම සඳහා ශ්‍රී ලංකාවද ඇතුළත් කිරීමට එහි මහකොමසාරිස් නවනීදන් පිල්ලේ මහත්මිය කටයුතු කොට තිබේ. මෙම සැලැස්ම 2014 වසරේ සිට 2017 වසර දක්වා ක්‍රියාත්මක වෙයි.
ශ්‍රී ලංකාවේ අතීත හා වර්තමාන මානව හිමිකම් පිළිබඳවත්, වගවීමේ ක්‍රියාවලිය පිළිබඳවත්, සමගි සන්ධානවීමේ ක්‍රියාවලිය පිළිබඳවත් ජාත්‍යන්තර ප්‍රජාව සමග මෙන්ම මානව හිමිකම් මණ්ඩලය සමග තිරසාර බැඳීමක් පවත්වා ගැනීම යන කරුණු පිළිබඳව මෙහිදී අවධානය යොමුකර තිබේ.