ගිරිඋල්ල කොහිලවල ප්රදේශයේදී මෝටර් රථයක් පැහැරගෙන ගිය සැකකරුවන් දෙදෙනෙක් එම මෝටර් රථයද සමග අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
ඊයේ සවස මෙම පැහැර ගැනීම සිදුකර තිබේ. මෙම මෝටර් රථය අද අලුයම පන්නල සිට ගිරිඋල්ල දෙසට ගමන් කරමින් තිබියදී එය නවත්වන ලෙසට පොලීසිය අණකර තිබේ.
කෙසේ වෙතත් එම අන නොතකා මෝටර් රථය ධාවනය කිරීම හේතුවෙන් එය නවත්වාගැනීමට පොලීසිය ටයර්වලට වෙඩි තබා ඇති අතර පසුව මෝටර් රථය නතරවීමෙන් පසු සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.