පසුගිය වසරේ අප්‍රේල් 21 දා එල්ල වූ පාස්කු ප්‍රහාරය පිළිබඳව කරන විමර්ශන අවසන් අදියරට පැමිණ ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පැවැසීය.
අද කොළඹදි පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය. මෙම විමර්ශන පිටි දහස් ගණනකින් සමන්විත වන බවත් ඒ අනුව නඩු පැවැරීමේ කටයුතු කිරීමේදී නීතිපති දෙපාර්තමේන්තුවට වැඩි වගකීමක් පැවැරෙනු ඇති බවත් ඔහු ප්‍රකාශ කරයි.
එසේම නඩු පැවැරීමේ කාලසීමාවක් කිරීම පිළිබඳව ප්‍රකාශ කළ නොහැකි බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.