පොළොන්නරුව දස අවුරුදු සැලැස්මක් දැනටමත් නිර්මාණය කර අවසන් බවත් පාස්කු ප්‍රහාරය සැලසුම් කළේ මත්ද්‍රව්‍ය විරෝධී සටන නැවැත්වීමට බව හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
හිඟුරක්ගොඩ කොට්ඨාස කාන්තා බල මණ්ඩලයේ සමුළුව අද (22) එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
එහිදි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කර සිටියේ තමන් ජනාධිපතිවරයාව සිටි වසර පහකට ආසන්න කාල පරිච්ඡේදය තුළ මත්ද්‍රව්‍ය විරෝධී සටන ඉතාම කාර්යක්ෂම ආකාරයෙන් සිදු කරගෙන ගිය බවත් මත්ද්‍රව්‍ය භාවිතය තුරන් කිරීම වෙනුවෙන් මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම සිදුකරන ලද අතරම එහිදී ලොව ප්‍රථම වරට ජනාධිපතිවරයා මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් එයට විරුද්ධව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරු බවත්ය .
එවැනි තත්ත්වයකට මුහුණ දුන් ලොව එකම ජනාධිපතිවරයා තමන් වන බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
එපමණක් නොව මාකඳුරේ මධූෂ් වැනි ප්‍රබල පාතාල සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සිරගත කිරීම තුළ ජනාධිපතිවරයාව සිටි අවධිය තුළ මෙන්ම හා ඉන්පසුවත් මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයන් තමන්ව ඝාතනය කිරීම සඳහා විවිධ කුමන්ත්‍රණ සිදු කරමින් පවතින බවත් නමුත් කිසිදු කුමන්ත්‍රණයකට තමන්ම නැවැත්විය නොහැකි බවත් එතුමන් සඳහන් කරන ලදී.
එහිදී තවදුරටත් අදහස් දැක් වූ එතුමන් වසර තිහක් තමන් දුටු පොළොන්නරුව අද වන විට නැවත ප්‍රතිනිර්මාණය කර ඇති බවත් නමුත් ඉතිරිව ඇති සංවර්ධන කටයුතු සිදු කිරීම සඳහා තමන් නායකත්වය ගනු ලබන බවත් පැවසීය.
තමන්ට ජනාධිපතිවරයාව සිටි අවධිය තුළදී මෙන්ම ඊට පෙර අවධීන් තුළදී ගොඩනගාගනු ලැබු සුවිශේෂී විදේශ සබඳතාවයන් මත අන් කවරෙකුටත් වඩා පොළොන්නරුව දියුණු කිරීමට තමන්ට හැකි බවත් ඒ සඳහා වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ එක්ව තමන් දස අවුරුදු සැලැස්මක් නිර්මාණය කර ඇති බවත් එතුමන් මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
එපමණක් නොව තමන් නැවතත් පුලතිසිපුර අනාගතය බාර ගන්නා බවත් එතුමන් සඳහන් කරන ලදී.
