2019 වර්ෂයේ අප්‍රේල් මස 26 වෙනි දා අම්පාර, සයින්දමර්දු ප්‍රදේශයේ සිදුවූ පිපිරිමට අදාළ සිද්ධියේ සාක්ෂි සැඟවිම සම්බන්ධයෙන් අම්පාර ප්‍රදේශයේ රාජකාරියේ නියුතු පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරින් පිරිසක් විසින් අද උදෑසන දී අම්පාර, අක්කරපත්තුව ප්‍රදේශයේදී මෙම පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගෙන ඇත.
