පාසල් ආරම්භය ගැන අගමැතිගෙන් උපදෙස්
කොවිඩ් වසංගතය හේතුවෙන් වසා දමා තිබෙන පාසල් නැවත ආරම්භ කරන අවස්ථාවක දී දරුවන්ගේ රෝග සහ ගැටලු හඳුනා ගැනීම සඳහා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහය ගන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ පස්වරුවේ අධ්‍යාපන බලධාරීන්ට උපදෙස් දුන්නේය.
පාසල් නැවත විවෘත කිරීම සහ ගුරුවරුන්ට හා සිසුන්ට කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත් ලබා දීම සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍යතුමා මේ බව සඳහන් කළේය.
කොවිඩ් වසංගත තත්ත්වය පාලනය වූ වහාම අදියර කිහිපයක් යටතේ පාසල් නැවත ආරම්භ කිරීමේ වැදගත්කම පෙන්වා දුන් අග්‍රාමාත්‍යතුමා, ගුරුවරුන්ට අවශ්‍ය එන්නත් ලබා ගැනීම සෞඛ්‍ය අමාත්‍යංශය ඔස්සේ ඉටු කර ගත හැකි බව පෙන්වා දුන්නේය.
මෙම සාකච්ඡාවට එක්ව සිටි ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ නියෝජිතයෝ පාසල් නැවත ආරම්භ කිරීමේදී ඇතිවන ගැටලු මගහරවා දීම සඳහා සිය සංගමයේ සහය අධ්‍යාපන කලාප මට්ටමෙන් ලබා දිය හැකි බව අග්‍රාමාත්‍යතුමා හමුවේ ප්‍රකාශ කළහ.
රටේ අනාගත දරු පරපුර මෙන්ම ඔවුන්ට මග පෙන්වන ගුරුවරු ආරක්ෂා කර ගැනීමට රජය සෑම විටම කටයුතු කරන බව අග්‍රාමාත්‍යතුමා මෙහි දී විශ්වාසය පළ කළේය.
popular news
-
Sugath Monday, 14 June 2021 09:30 AM
First, 2021 Advance level students along with relevent staff shall be given vaccination with a view to reopen this group on August and then similarly to follow it for Ordinary level 2021 at least to open them for one month. Kind attention to Prof pls
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

