පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය අද (22) පැවැත්වේ.
ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසා සිටියේ, පාරිභෝගික පනත ආරම්භ කළ දින සිට ඉදිරිපත් කරන පළමු සංශෝධනය මෙය බවය.
මේ අතර පවතින කොවිඩ් -19 වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම සතිය සඳහා අද දිනයේ පමණක් පාර්ලිමේන්තුව රැස්වන බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව උදෑසන 10ට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව ආරම්භ වනු ඇත.
කෙසේ වෙතත් විශේෂ පාර්ලිමේන්තු රැස්වීම් දිනයක් ලෙස නැවත පාර්ලිමේන්තුව ඔක්තෝබර් 04 වන දින රැස්වීමට නියමිතය.
මේ අතර පාරිභෝගික අධිකාරියේ පූර්ණකාලීන සාමාජිකයින් තිදෙනා අතුරින් එක් අයෙකු ලෙස කටයුතු කළ තුෂාන් ගුණවර්ධන මහතාගේ ඉල්ලා අස්වීමේ ලිපිය විෂය භාර රාජ්‍ය අමාත්‍යවරයා විසින් පිළිගෙන තිබේ.
තමා පාරිභෝගික අධිකාරියේ විධායක අධ්යක්ෂ ධූරයෙන් ඉවත්වන බව දන්වමින් තුෂාන් ගුණවර්ධන මහතා අදාළ ලිපිය යොමුකර තිබුණි.
කෙසේ වෙතත් නිවේදනයක් නිකුත් කරමින් සමූපාකාර, සේවා අලෙවි සංවර්ධන සහ පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ අදාළ ලිපිය රජ්‍ය අමාත්‍යවරයා භාරගත් බවය.
එහෙත් පාරිභෝගික අධිකාරිය තුළ විධායක අධ්යක්ෂ ධුරය ලෙස තනතුරක් නොමැති බවද අදාළ නිවේදනය මඟින් පෙන්වා ඔවුන් පෙන්වා දෙයි.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනත ට අනුව එවැනි තනතුරක් නොමැති බවත් ඔහු පූර්ණ කාලීන සාමාජිකයකු වශයෙන් පමණක් සේවය කළ බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය.